පපුවේ දැවිල්ල සහ සහ අම්ල ප්‍රතිප්‍රවාහනය

පපුවේ දැවිල්ල යනු ආමාශයේ ඇති අම්ල උගුර දෙසට ගමන් කිරීම හේතුවෙන් පපුවේ දැනෙන දැවිල්ලවේ. එය දිගටම සිදුවුවහොත් GORD ලෙස හැඳින්වේ.

ඔබට අම්ල ප්‍රතිප්‍රවාහනය ඇත්දැයි පරීක්ෂා කර ගන්න

අම්ල ප්‍රතිප්‍රධාහනයේ රෝග ලක්ෂණ පහත දැක්වේ:

  • පපුවේ දැවිල්ල - ඔබගේ පපුවේ මධ්‍යයේ දැනෙන දැවිල්ල
  • ආමාශයික අම්ලය හේතුවෙන් මුඛය තුල ඇතිවන අප්‍රසන්න ඇඹුල් රසය

ඔබ ට පහත රෝග ලක්ෂණ ද ඇතිවිය හැක:

  • නැවත නැවත ඇතිවිය හැකි කැස්ස හෝ ඉක්කාව
  • උගුර බැරැන්ඩි වීම
  • මුඛයෙන් දුර්ගන්ධයක් ඇති වීම
  • බඩ පිපීම සහ ඔක්කාරය

ආහාර ගැනීමෙන් පසු, ඔබ ඇලවූ විට හෝ ඉදිරියට නැවුණු විට ඔබගේ ඔබේ රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරෙනු ඇත.

පපුවේ දැවිල්ල සහ අම්ල ප්‍රතිප්‍රවාහනය සඳහා හේතු

බොහෝ දෙනෙකුට වරින් වර පපුවේ දැවිල්ල ඇති වේ. බොහෝ විට මේ සඳහා පැහැදිලි හේතු නොමැත. මේ සඳහා මේ දේවල් හේතු විය හැකි හෝ තවත් නරක අතට හැරිය හැක:

  • සමහර ආහාර සහ බීම වර්ග - කෝපි, මද්‍යසාර, චොකලට් සහ මේද හෝ කුළුබඩු වැනි ආහාර
  • බර වැඩි වීම
  • දුම්පානය
  • ගර්භණී තත්වය
  • මානසික ආතතිය හා කාංසාව
  • ඇතැම් ඖෂධ, ප්‍රතිප්‍රධාහ ඖෂධ වේදනා නාශක වැනි
  • හයිටස් හර්නියා - ඔබගේ උදරයේ කොටසක් පපුව වෙතට ගමන් කිරීම

ඔබ විසින් පපුවේ දැවිල්ල සහ අම්ල ප්‍රතිප්‍රවාහය අඩු කරගත හැක්කේ කෙසේද

ජීවන රටාව සරලව වෙනස් කර ගැනීම, පපුවේ දැවිල්ල සහ අම්ල ප්‍රතිප්‍රවාහනය අඩු කර ගැනීම සඳහා උපකාරී වේ. කරන්න

  • නිතර නිතර කුඩා ආහාර වේලක් ලබා ගන්න
  • ඔබගේ ඇඳෙහි එක කෙළවරක් ඇද යටින් හෝ මෙට්ටය යටින් යම් දෙයක් තබා, 10cm හෝ 20cm ක් පමණ උස් කරන්න. එවිට ඔබගේ පපුව සහ ඔළුව ඔබගේ ඉන ප්‍රදේශයට වඩා ඉහල මට්ටමක පැවතීමෙන් අමාශයික අම්ල ඔබගේ උගුර දෙසට ගමන් කිරීම වැළකේ
  • ඔබ බර වැඩියි නම් බර අඩු කර ගැනීමට උත්සාහ කරන්න
  • සන්සුන්ව සිටීමට ක්‍රම සොයා ගන්න

එපා

  • ඔබගේ රෝග ලක්ෂණ ඇති වන අහාර ගන්න
  • නින්දට යාමට පැය 3ක් 4ක් කාලයක් අතර ආහාර ගැනීම
  • ඔබේ ඉඟටිය වටා තද කළ ඇඳුම් ඇඳීම
  • දුම් පානය
  • අධික මත්පැන් පානය
  • පළමුවෙන් වෛද්‍යවරයකු සමඟ කතා නොකර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම නතර කරන්න

පපුවේ දැවිල්ල සහ අම්ල ප්‍රතිප්‍රවාහනය සඳහා ඖෂධවේදියෙකුට උපකාරී කල හැක

ඔබට නිතර පපුවේ දැවිල්ල ඇති වේ නම් ඖෂධවේදියෙක්ගෙන් උපදෙස් ලබා ගන්න. ඔබගේ රෝග ලක්ෂණ අඩු කරගැනීම සඳහා ඇන්ට්ඇසිඩ් (Antacid) යනුවෙන් හඳුන්වන ඖෂධ ඔබට නිර්දේශ කරනු ලැබේ. හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට නම් මෙම ඖෂධ ඔබගේ අහාර සමග හෝ ආහාර ගත් විගසම ලබා ගන්න. එසේ වන්නේ බොහෝ විට පපුවේ දැවිල්ල ඇති වන්නේ මේ වේලාවට බැවිනි. ආහාර සමඟ ලබා ගත හොත් ඒවාට දිගු කාලයක් ක්‍රියා කළ හැක.

වෛද්‍යවරයා හමු වන්න:

  • ඔබගේ ජීවන රටාව වෙනස් කිරීමෙන් සහ ෆාර්මසියෙන් ලබා ගන්නා ඖෂධ වලින් සුවයක් නොමැති නම්
  • ඔබට සති 3 ක් හෝ ඊට වැඩි කාලයක් පපුවේ දැවිල්ල ඇති නම්,
  • ඔබගේ උගුරේ කෑම හිරවීමක්, නිතර නිතර ඔක්කාරය ඇති වීම හෝ හේතුවක් නොමැතිව බර අඩුවීම වැනි වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්,

ඔබගේ වෛද්‍යවරයා ඔබට ප්‍රබල ප්‍රතිකාර ලබා දෙනු ලබන අතර ඒවා ඔබගේ රෝග ලක්ෂණ තවත් බරපතල විය හැකි හේතු ඉවත් කිරීම සඳහා උපකාරී වේ.

වෛද්‍යවරයාගේ ප්‍රතිකාර

ඔබගේ රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා, ආමාශයෙන් නිපදවන අම්ල කොපමණ ප්‍රමානයක් ඖෂධ වලින් අඩු කල හැකිද යන්න තීරණය කර ඖෂධ නිර්දේශ කෙරේ:

ඔබගේ රෝග ලක්ෂණ නැවැත්විය හැකි දැයි බැලීම සඳහා මෙම ඖෂධ වර්ග වලින් එක් වර්ගයක්, මාසයක් හෝ මස දෙකක් සඳහා නිර්දේශ කරනු ලැබේ. වැදගත් ඖෂධ ලබා ගැනීම නැවැත්වීමෙන් පසු ඔබගේ රෝග ලක්ෂණ නැවත මතු වුවේ නම්, නැවතත් ඔබගේ වෛද්‍යවරයා හමු වන්න. ඔබට දිගුකාලීන බෙහෙත් නිර්දේශ අවශ්‍ය විය හැක. පපුවේ දැවිල්ල සහ අම්ල ප්‍රතිප්‍රවාහනය සඳහා පරීක්ෂණ සහ ශල්‍යකර්ම ඖෂධ වර්ග උපකාරී නොවුනේ නම් හෝ ඔබගේ රෝග ලක්ෂණ වඩා නරක අතට හැරෙන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා ඔබව විශේෂඥ වෛද්‍යවරයෙක් ලගට යොමු කරනු ඇත:

  • පපුවේ දැවිල්ල සහ අම්ල ප්‍රතිප්‍රවාහනය සඳහා පරීක්ෂණ සහ ශල්‍යකර්ම
මුල් ප්‍රභවය